මන්ත්‍රීවරු 113 සම්පූර්ණ වූ සැණින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර හා රජයේ ඉහළ නිලතල දැරීම වළක්වාලමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.
“මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. මේ අර්බුදයට විසඳුමක් ලෙස 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරනවා.”
“පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම වෙලාවක පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 අ වගන්තියේ සඳහන්.”
“පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය 20යි. 20ක් වාඩිවෙලා 11ක් කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.”
“113 හැදුණු සැනින් අපි ඒ යෝජනාව ගේනවා.”
“ජනාවට ඉතා ඉක්මණින් අනාගත නායකයා දකින්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න. නංගි පෙන්වලා අක්කා දෙනවට වඩා භයානකයි අයියා පෙන්වලා මල්ලි දෙන එක.”






















