Sunday, November 8, 2026
HomeNEWSරටේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

රටේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්

රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ රජය, විපක්ෂය මෙන්ම හවුල්කාර පාර්ශවයන් අනුගමනය කළ යුත්තේ සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සඳහන් කරයි.

එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගැටුම්කාරි හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් සිදුනොකළ යුතු බවය.

අරුත්සුන් වහසි බස් නොදොඩා සත්‍යවාදී වන ලෙසත්,  කුමන කේෂ්ත්‍රයක වුවද විශේෂඥ උපදෙස් ලබාගැනීමට තරම් යථාර්ථවාදී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මූල්‍යමය දුෂ්කරතාවයන්ට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නන් හට උපකාර කිරීම සඳහා ක්‍රියාකාරකම් සංවිධනය කරන ලෙස සියලු කතෝලික ආයතන, මීසම්, ධර්මදූත සේවාවන් සහ අනෙකුත් පෞද්ගලික ආයතන මෙන්ම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රටට අවශ්‍ය වන්නේ මෙම තීරණාත්මක තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වන කඩිනම් විසඳුමක් සහ තිරසාර සංවර්ධනයේ ශක්තිමත් පදනමක් මත රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සොයා යෑම බව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img