Sunday, November 8, 2026
HomeNEWSමොරටු නගරාධිපති ගේ නිවස අසල උණුසුම් තත්ත්වයක්

මොරටු නගරාධිපති ගේ නිවස අසල උණුසුම් තත්ත්වයක්

මොරටුව නගරාධිපති, සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස අසල යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

විරෝධතාකරුවන් පිරිසක් නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්වී විරෝධතාවක් දියත් කිරීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවිය.

ගාලු පාර මොරටුව කුරුස හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධය පෑ විරෝධතාකරුවන් පසුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි මොරටුව නගරාධිපතිවරයාගේ නිවස දක්වා ගමන් කර තිබුණි.

මොරටුව වඩු කාර්මිකයින් එලෙස විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහිදී මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට ගල් ප්‍රහාර රැසක් එල්ලවී තිබුණි.

අමුද්‍රව්‍ය මිල ඉහළ දැමීම, දැව මිල ඉහළ යෑම සහ ජීවන වියදම ඉහළයාමට විරෝධය පළකරමින් විරෝධතාවය පැවැත්වුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img