Sunday, November 8, 2026
HomeNEWSලාන්සාගෙන් ආණ්ඩුවට රතු එළියක්

ලාන්සාගෙන් ආණ්ඩුවට රතු එළියක්

විවිධ උපක්‍රම හරහා තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට උත්සහ කරන්නේ නම් ආණ්ඩුවේ බහුතරය නැති කිරීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ අනුව හෙට (05) දිනයේ දී 50දෙනෙකුට අධික පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට නියමිත බව ද ඒ මහතා කියා සිටියේය.

අද (04) මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජනතාව ආණ්ඩුවට ගෙදර යන ලෙස පැවසීම ඉතා සාධාරණ කාරණයක් බවය.

එම පීඩනය තේරුම් ගෙන ආණ්ඩුව ඉවත් විය යුතු බවත් පැවසු ඒ මහතා මේ මොහොතේ දේශපාලනය නොව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඉතාමත් පැහැදිලිව කියන්නේ හෙට පාර්ලිමේන්තුව තුළ 50කට අධික පිරිසක් ස්වාධීන වෙලා, අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනතාව ඉල්ලන ඉල්ලීම්වලට ඇහුම්කන් දීලා, ආණ්ඩුව අයින්වෙලා විපක්ෂයේ ඕන කෙනෙක් ට ආරාධනා කරලා ඒ ආණ්ඩුව කරගෙන යන්න සහාය දෙන්න කියලා. ඉතා පැහැදිලිව කියන්නේ අද දවස තුළ ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගය ගත්තේ නැත්නම්, හෙට පාර්ලිමේන්තුවේ අපි 50කට අධික සියලු පක්ෂ එකතු වෙලා පොහොට්ටුවේ විශේෂයෙන් අපි ස්වාධීන වෙනවා. එතකොට ආණ්ඩුවට 113 නැතුව ගියාම ආණ්ඩුව කොහොමත් විසුරුවා හරින්න වෙනවා. එතකොට ඕන කෙනෙක්ට ජනාධිපතිතුමාට පුළුවන් ආරාධනා කරන්න ආණ්ඩුවක් අරගෙන මේක කරගෙන යන්න කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img