බ්‍ර්තාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කිසිවෙක් බලාපොරොත්තු නොවන දේ කිරීමට හපනෙකි.
ඔහු කළ එවැනි ක්‍රියාවක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ජොන්සන් අගමැතිවරයා යුක්රේන අගනුවරට ගොස් එරට ජනාධිපති සෙලෙන්ස්කි සමග සාකච්ඡා කර තිබේ.
රුසියානු ප්‍රහාර හේතුවෙන් කියුව් නගරයට දැඩි හානි සිදුව ඇති අතර ඕනෑම මොහොතක ඊට රුසියානු ප්‍රහාර එල්ලවීමේ අවදානමක් තිබේ.
එය නොතකා කියුව් නගරයට ගිය ජොන්සන්, යුක්රේනයට ආර්ථික සහ යුද ආධාර ලබාදීමට පොරොන්දු විය.






















