පොලිස් අණ නොතැකූ කුඩා ලොරි රථයක් කොට්ටාව අධිවේගී පිවිසුමේ පිටවීම් දොරටුවක් කඩා ගෙන පළා යන අයුරු එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එම ලොරි රථය කඩවත සිට පැමිණ කොළඹ දෙසට පිටවීමට පැමිණ තිබූ අතර, පිටවීමේ දොරටුවේ මුදල් ද නොගෙවා මෙසේ ගේට්ටුව කඩාගෙන පළා ගොස් ඇත.
පසුව ලොරි රථය සහ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.






















