කොළඹ සිට උගන්ඩාව දක්වා 2021 වසරේ දී සිදුකළ භාණ්ඩ ප්‍රවාහනය වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ 2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණු බවය.
ඒ අනුව මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබුණු බවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.






















