අද දිනයේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.
එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
මේ අතර අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.
අද දින දහවල් 12.10ට කොවිලන් තුඩුව, මල්ලකම් සහ මලන්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.






















