බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (18) උදේ 8.30ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලිපැන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 1 හමාරක පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයක දී උදෑසන 8.40ට පමණ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවය.
ඒ වනවිට දුම්රියේ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර ඔවුන් නැවත බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ද වාර්තා වේ.






















