Sunday, November 8, 2026
HomeNEWSදේශපාලනඥයින් ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රමගෙන් සැර ප්‍රකාශයක්

දේශපාලනඥයින් ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රමගෙන් සැර ප්‍රකාශයක්

රටේ දේශපාලකයින් වැඩකළේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩි තරකරගැනීමට බව විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මහතා පවසයි.

ගාලු මුවදොර පිටියේ ස්ථාපනය කර ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඔහු ඒ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

“අපි මෙතෙන්නට පැමිණියේ වෘත්තිකයින් විදිහට ඉදිරි අනාගතයේ හොඳ රටක් බිහිකරන්න අපගේ දායකත්වය උපරිම ආකාරයෙන් ලැබෙන බව ප්‍රකාශ කරන්න. ඒ දායකත්වය ලැබීම සඳහා අවශ්‍ය දේශපාලනමය හා සමාජමය සකස්විය යුතුයි. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ දැක්කේ රටේ දේශපාලකයින් වැඩ කළේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩි තරකරගැනීම සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෘත්තීයවේදීන්ගේ කාර්යන් සඳහා දේශපාලනමය ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩකරගෙන යාමේ ඉඩකඩ සලසාදිය යුතුයි යන මතය තමයි අපි සියලුදෙනාම ඉන්නේ. එහෙම කළහොත් අද තියෙන අරගලකාරී තත්ත්වය සමග ඇතිවන සමාජීය හා දේශපාලන වෙනස්කම් මතින් අපිට ඉදිරියේ සාර්ථක ශ්‍රී ලංකාවක් ගොඩනගන්න හැකියාවක් ලැබෙයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img