Sunday, November 8, 2026
HomeNEWSනව ඇමතිවරුන්ගෙන් හා තරුණයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

නව ඇමතිවරුන්ගෙන් හා තරුණයින්ගෙන් ජනපති කළ ඉල්ලීම

අමාත්‍යවරයෙකු වශයෙන් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයි ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද (18) උදෑසන කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍යධූරවල දිවුරුම් දුන් අතර එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

“ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. එය විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් ලෙස පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ, අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා. ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත්කරන්න. අද රාජ්‍ය ආයතන බොහෝමයක් පවතින්නේ බරපතළ මුල්‍ය අර්බුද තත්ත්වයක. ඒවා නිවැරදි කරගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අද පවතින මේ අර්බුදය ජනතාව ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක්කම මම ඉල්ලා සිටිනවා තරුණයින්ගෙන් ඒකට උපකාර කරන්න කියලා.”

වැඩි විස්තර දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img