ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (25) පැවැත්වෙන්නේ 17 වන දිනටය.
ඊයේ (24) එම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ද එක්වුණි.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙසට බලකරමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාවයට ඊයේ රාත්‍රීයේත් බොහෝ පිරිසක් එක්ව සිටියේය.
කලාකරුවන්, වෘත්තිකයින් හා සිවිල් සංවිධාන නියේජිතයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ රාත්‍රියේත් ගාලු මුවදොර අරගල භූමියට එක්වුණි.
මේ අතර ගාලු මුවදොර ක්‍රියාත්මක මහජන උද්ඝෝෂණයට සහාය දක්වමින් කොළඹදී ඊයේ විරෝධතා පා ගමනක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ද පස්වරුවේ ගාලු මුවදොර අරගල භූමියට පැමිණියේය.






















