Sunday, November 8, 2026
HomeNEWSගෝඨාගෝගමේ අලුත්ම ශාඛාව

ගෝඨාගෝගමේ අලුත්ම ශාඛාව

“ගෝඨාගෝගමේ” ශාඛාවක් ආරම්භ කරමින් මාතර නගරයේ ද විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

එම විරෝධතාවය සඳහා ඊයේ (27) රාත්‍රී පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සහභාගී වු අතර එහිදී උන්වහන්සේ මෙසේ අදහස් පළ කළේය.

“අර්බුදය දිගින් දිගටම යනවා. පාන් රාත්තල ලබන සතිය වෙද්දි රු 400ක්. ගෑස් සිලින්ඩරය රු 10,000ක් වෙයි. ඔවුන් ඉතාම පැහැදිලිව දන්නවා අර්බුදය ඇවිලීගෙන යන විදිය. නමුත් පියවරක් සම්බන්ධයෙන් ඒ අයගේ කිසිදු විසඳුමක් නෑ. ඔවුන්ට ඕනේ තවදුරටත් පාලන බලයේ රැඳී සිටින්න. ගෝඨාගෝගම මාතර පිහිටුවීම මේ මහා අර්බුදයට පහනක් දැල්වුවා වගෙයි. මාතර ගෝඨාගෝගම ශාඛාවට අපි ආශිර්වාද කරනවා. මේ අරමුණ ඉටුවෙන තෙක් පසුබසින්න එපා. ඒකාන්තයෙන්ම ජනතාවට ජයග්‍රහණය ලැබෙනවාමයි.”

මේ අතර ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පැවැත්වෙන අරගල විරෝධතාවය 20 වන දිනටත් අඛණ්ඩව අද (28) දිනයේත් පැවැත් වේ.

ඊයේ රාත්‍රීයේ මහ වැසි ඇඳහැලුණ ද විරෝධතාවය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img