Sunday, November 8, 2026
HomeNEWSකටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් විරෝධතාවයක

කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් විරෝධතාවයක

දිවයිනපුරා වෘත්තීය සංගම් ආරම්භකර ඇති වැඩවර්ජනයට සහාය පලකරමින් කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයින් මේවනවිට කටුනායක ඇවරිවත්ත මංසන්ධියේදී  විරෝධතාවක නිරත වේ.

විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ග රැසක් අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සංගම් ආරම්භකර ඇති වැඩ වර්ජනයත් සමග මේවනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකම ව දෛනික කටුයුතු අඬාල වී ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර අප අනුරාධපුර වාර්තාකරු පැවසුවේ, නගරයේ වෙළෙඳසැල්ද මේ වන විට වසා වර්ජනයට සහාය පළකර ඇති බවය.

“ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු” තේමාව යටතේ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය.

රාජ්‍ය , අර්ධ රාජ්‍ය , පෞද්ගලික අංශය මෙන්ම වතු, ගොවි, ධීවර සහ බහුජන සංවිධානවල මෙම වැඩවර්ජනයට සහාය පළකර ඇති අතර ඒ අනුව ගුරු – විදුහල්පතිවරු, විදුලිබල, සෞඛ්‍ය, වරාය, තැපැල්, ඛනිජ තෙල්, ආර්ථික මධ්‍යස්ථාන,  බැංකු, ප්‍රාදේශීය ලේකම්වරු නියෝජනය කරන වෘත්තිය සංගම් අද වැඩ වර්ජනයේ නිරත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img