Sunday, November 8, 2026
HomeNEWSසුරූපි නිළි ජැකලින්ගේ ඉන්දීය කෝටි 7ක් අත්හිටුවයි

සුරූපි නිළි ජැකලින්ගේ ඉන්දීය කෝටි 7ක් අත්හිටුවයි

ශ්‍රී ලාංකික සුරුපී බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවක පරීක්ෂණවලට අදාළව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

එමෙන්ම ඇයට ඉන්දියාවෙන් පිටවීම ද මේ වන විට තහනම් කර තිබේ. 

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ඉන්දියාවේ බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ. 

විමර්ශකයින් සැකපළ කර ඇත්තේ අදාළ මුදල්වලින් කොටසක් ජැකලීන්ගේ නමට තැන්පත් කර ඇති බවටය.

36 හැවිරිදි ජැකලීන් විවාහකයෙකු වන චන්ද්‍රශේඛර් සමග පෙම් සබඳතාවයක් පවත්වා ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු ඇතුළු මිල අධික ත්‍යාග සහ ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් තමාට චන්ද්‍රශේඛර්ගෙන් ලැබුණු බවට ඇය විමර්ශකයින් හමුවේ පාපොච්චාරණය කර ඇති බවය. 

සුකේෂ් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර වංචා කළ මුදල් කෝටි ගණනක් ජැකලීන් සඳහා වියදම් කළ බවද සුකේෂ් විසින් පවසා තිබේ. 

පසුව ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය ජැකලීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, සුකේෂ් නමගිය අපරාධකරුවෙකු බවට තමා කිසිසේත් නොසිතූ බවය. 

ඉන්දීය රජයේ ප්‍රබල දේශපාලනික හිතවත්කම් මවා පාමින් තමන්ට සමීප වූ ශේඛර් රත්නවේලා යනු ඉන්දියාවේ ප්‍රබල අපරාධකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් බව තමා දැන ගත්තේ සියල්ල සිදුවීමෙන් අනතුරුව බව ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img