මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී බැසිල් රාජපක්ෂ මහතා ස්වාධීන මන්ත්රීවරුන් සමඟ පැවති හමුවේදී අද සඳහන් කළ බවට තොරතුරු වාර්තාවිය.
බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත්තේ එවැන්නක් සිදුවුවහොත් කෙටි කලක් සඳහා පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි පක්ෂ නායක කමිටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා හැර වෙන අයෙකුගේ නමක් යෝජනා නොකරන බවය.






















