ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලය කඩාකප්පල් කිරීම සඳහා විවිධ උත්සහයන් පවතින බව විරෝධතාකරුවෝ පවසති.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙසට බලකරමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවට අදට දින 25ක් ගතවේ.
ඊයේ (02) රාත්‍රීයේත් විශාල පිරිසක් එම විරෝධතා සඳහා එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
“මේ දවස් ටිකේම මේ තරුණ ළමයි කරන අරගලය කඩා කප්පල් කරන්න ගොඩක් දේවල් කරා රජය විසින්. මේ ප්‍රශ්නයට මොකද්ද විසඳුම කියන එක තමා ඒ අය බලන්න ඕනේ. මේක මර්දනය කරන එක නෙමෙයි කරන්න ඕනේ. තව සුමානයක් දෙකක් කල් දෙනවා මේ අයට. ඊට පස්සේ ජනතාව තීන්දු කරයි මේ අයට මොකද්ද වෙන්නේ කියන එක. “
“මේ මර්දනය කරන්න බෝඩ් ගලවලා, මිනිස්සුන්ට ගහලා, වෙඩි තියලා මේක මර්දනය කරන්න බෑ. අපි හැමෝම මුළු ජනතාව ම නවත්වන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මේ අරගලය දිගටම කරගෙන යනවා.”
“අපි කවුරුත් අඳුරගෙන ආව අය නෙමෙයි. අපි මෙතෙනට ඇවිත් සංවිධානය වෙලා ඉන්නේ. මේ අරගල භූමිය කඩාකප්පල් කරන්න මිතුරු වෙසින් එනවා කට්ටිය. ඇවිල්ලා දවස් දෙකක් තුනක් ඉඳලා මේක විනාශ කරන්න කටයුතු කරනවා මේ කට්ටිය. ඊට වඩා අපේ කට්ටිය බුද්ධිමත්. අපේ අය සෙවිල්ලෙන් ඉන්නේ.”
මේ අතර ජනතාවට අහිතකර අණපනත් 03ක් සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායකයට බලකිරීමේ මහජන පෙත්සමකට අත්සන් තබන බව ලීසීං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිටදී ද 07 වන දිනටත් විරෝධතාව පැවැත් වේ.






















