Sunday, November 8, 2026
HomeNEWSසිකුරාදා සියලු වෘත්තීය සමිති හර්තාලයකට සැරසෙයි

සිකුරාදා සියලු වෘත්තීය සමිති හර්තාලයකට සැරසෙයි

ලබන සිකුරාදා සියලු අංශ එක්ව දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට වෘත්තීය සමිති, සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් සූදානම් වේ.

ලබන 06 වනදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා සියලු පාර්ශවවල සහයෝගය අවශ්‍ය බව ජාතික වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

“6 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය හා හර්තාලය පවත්වලා, දුෂිත ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට දෙන අවසාන පණිවුඩය දෙනවා. 6 වෙනිදාට කලින් යන්න ඕනේ. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අරගලයට එකතුවෙන්න. අත්වැල් බැඳගන්න. වැඩබිම් නවතිනවා. ට්‍රාන්ස්පෝට් නවතිනවා. සියලුදෙනා ගෙදර ඉඳන් තමන්ගේ ළඟම තියෙන පාරට කළු කොඩියක් අරන් එන්න. ගෙදර කළු කොඩියක් දාන්න. ආයතනවල කළු කොඩියක් දාන්න. රටේ ජනතාව එක්ක එකතුව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බලය පෙන්වන්න. හර්තාලය සාර්ථක කරන්න. මේ වෙනකොටත් ආණ්ඩුව තීරණය කරලා නැත්නම්, 6 වෙනිදා වෙනකොටත් තීරණය කරලා නැත්නම් යන්න අපි මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාර මේ රටේ බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ සියල්ල එකතුවෙලා 11 වෙනිදා පටන් ගන්නවා හර්තාලය. ආණ්ඩුව ගෙදර යනකල් ඒක නවත්වන්නේ නෑ.”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ඉදිරියේදී සමස්ත සෞඛ්‍ය සේවාව සම්බන්ධ කරගත් වැඩවර්ජනයක් සිදුකරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img