Sunday, November 8, 2026
HomeNEWSරාමසාන් උත්සවය අදයි

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අදට (03) යෙදී තිබේ.

පුරා මාසයක් උපවාස ශිලය රැකීමෙන් පසු අද පවත්වන රාමසාන් උත්සවය සම්බන්ධයෙන් කොළඹ මහ පල්ලිය භාරකාර මණ්ඩලයේ සභාපති තවුෆික් සබයිර් මවුලවිතුමා මෙලෙස අදහස් පළ කළේය.

“දින 30ක කාලයක් තුළ අප මුස්ලිම් ජන කොටස් රටේ පවතින වර්තමාන තත්ත්වය හේතුවෙන් හුඟාක් ආපදාවන්ට මුහුණ පා දින 30ක කාලයක් නෝම්බි අල්ලමින් මහා පරිත්‍යාගශීලිව අන් අයට උදව් කරමින් හැමෝම එකසේ ක්‍රියා කළා. දින 30ක නෝම්බි කාලයකට පසුව මුස්ලිම් ප්‍රජාව අද දින රාමසාන් උත්සවය සමරන අතර, අප කොළඹ මහ පල්ලිය විශේෂ ඉල්ලීමක් කරන්නේ වර්තමාන ආපදා තත්ත්වය තුළ සාමාදානයෙන් සමරන්න කියලා. අන් අයට උදව් උපකාර කරමින් සියලු ජන කොටස් එකමුතුව ජීවත්වෙන්න කියා.”

රාමසාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ආගම් මඟින් උගන්වනු ලබන සමාජ ධර්මතා සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට අප සියලුදෙනාට වගකීමක් ඇති බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාමසාන් පණිවුඩයෙන් ඉල්ලා සිටින්නේ, මුළු රටම අභියෝගාත්මක කාලයකට මුලපුරා ඇති මෙම කාලය තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව ද සංවේදී වෙමින් පරිත්‍යාගශීලිත්වය කෙරෙහි සිත නැඹුරු කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img