එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනපති මැදුරට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඒ, රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පසුබිමකය.
ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමට කටයුතු සූදානම් කර ඇති බවටය.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්රමසිංහ මහතා මීට පෙර 5 වතාවක් මෙරට අග්රාමාත්යවරයා ලෙස කටයුතු කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ රාත්රියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුනි.






















