රට තුළ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (13) පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා ලිහිල් කෙරෙන බවය.
ඒ අනුව පස්වරු 2ට යළි පැනවෙන ඇඳිරිනීතිය 14 වනදා පෙරවරු 6 දක්වා බලාත්මක වෙයි.
ඇඳිරිනීතිය පැනවෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර නැත.






















