Sunday, November 8, 2026
HomeNEWSඅරගලකරුවන් දෙදෙනෙකුට කැඳවීමක්

අරගලකරුවන් දෙදෙනෙකුට කැඳවීමක්

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගිය 9 වනදා ගාලු මුවදොර ආශ්‍රිතව සිදූවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාවේදී නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත්වීම පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළව කරුණු විමසීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (13) එම කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී අදාළ සිදුවීම් මාලාව පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ගත් පියවර සම්බන්ධයෙන් ඔහු විසින් දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදුකළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

එම හෙළිදරව් වූ කරුණු මත ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත අරගලකරුවන් අතරින් නියෝජිතයින් දෙදෙනෙකු කැඳවා කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img