Sunday, November 8, 2026
HomeNEWSආර්ථික අර්බුදය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආර්ථික අර්බුදය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබේ.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටලු සඳහා සහාය දැක්වීම පිළිබඳව එම සංවිධාන සමග පැවති සාකච්ඡාවලදී අවධානය යොමුවූ බව ද අගමැතිවරයා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ, ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමග ද සාකච්ඡා කර ඇති බවය.

සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ලබාගැනීමේ ක්ෂණික අභියෝගය රජයට පවතින බවය. 

බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටින බව ද අගමැතිවරයා පැවසීය.

මේ අතර  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හෙට (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට (16) දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img