කොල්ලුපිටිය හා ගාලු මුවදොර ප්‍රදේශවල පසුගිය දා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, මැයි 9 වන දින සිදුවු අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවය.
ඊට අදාළව පුද්ගලයින් හඳුනාගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටී.
ඉහත ඡායාරූපවල දැක්වෙන පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දැක්වෙන දුරකථන අංක වෙත ලබාදෙන ලෙස ද පොලීසිය ඉල්ලමක් කරයි.
දුරකථන අංක –
071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176























