Sunday, November 8, 2026
HomeNEWSසජිත්ට බස් එක මිස් කෙරෙව්වේ හර්ෂා හා ඉරාන් බවට චෝදනා.

සජිත්ට බස් එක මිස් කෙරෙව්වේ හර්ෂා හා ඉරාන් බවට චෝදනා.

සජිත්ට බස් එක මිස් කෙරෙව්වේ හර්ෂා හා ඉරාන් බවට චෝදනා.අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා විපක්ෂ නායක සමගි ජන බලවේගයෙ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිවැරදි උපදෙස් ලබා නොදී සජිත් ප්‍රේමදාස බිය කර තිබෙන්නේ සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් බවට තොරතුරු වාර්තා වේ.අග්‍රාමාත්‍ය ධූරය බාරගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය එකොළොස් වැනිදා සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ආධාර ලබා දෙන තුරු මාස හයක පමණ කාලයක් රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමට වෙනත් රටවලින් අය ණය හෝ ආධාර ලබා ගැනීමට හැකි වේ දැයි කියා සජිත් පේමදාස මහතා මෙහිදී හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් විමසා ඇත.IMF ආධාර ලැබෙන තුරු කිසිදු රටකින් ආධාර හෝ ණය ලබා ලබා ගැනීමට නොහැකි බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙහිදී තරයේ ප්‍රකාශ කොට තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කොට තිබෙන්නේ ඒ ගැන ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බවයි.ඉරාන් වික්‍රමරත්න ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ මෙම ආර්ථික තත්ත්වයන් වල අවදානම් සහිත ව පැහැදිලි කිරීම්වලින් අනතුරුව ආණ්ඩුව භාර නොගැනීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මුලින්ම තීරණය කළ බවද වැඩිදුරටත් වාර්තා වේ.රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට ධුරයට පත්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගය කලින් ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ආචාර්ය හර්ෂ ද සිල්වා ටත් ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට දොස් පවරා තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img