Sunday, November 8, 2026
HomeNEWSඅගමැතිගේ දෙබිඩි පිළිවෙතක් ගැන රංජිත් මද්දුම බණ්ඩාර කියයි

අගමැතිගේ දෙබිඩි පිළිවෙතක් ගැන රංජිත් මද්දුම බණ්ඩාර කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

“රටේ ඇවී තිබෙන තත්ත්වයට ප්‍රධාන වැරදිකාරය තමයි ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. ජනාධිපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා. සමහර අය ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේක විවාදයට ගන්න එපා කියලා. මේ විවාදයට ගන්වාද ? නැද්ද කියලා. මට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අගමැතිවෙලා පළමුවෙන් ගංගාරාමයට ගිහින් කිව්වා “ගෝඨාගෝගම” දිගටම ගෙනියන්නට ඕනේ. “ගෝඨාගෝහෝම්” කියන එක තියෙන්න ඕනේ. එහෙම කියපු රනිල් වික්‍රමසිංහි මහතා අද ඡන්දයක් දෙනවා ජනාධිපතිවරයා විරුද්ධව ගෙනා ආ විශ්වාසභංගය සාකච්ඡාවට ගන්න එපා කියලා. මේක දෙබිඩි පිළිවෙතක් නේද? මට පෙනෙන්නේ මේ පිහිටවපු ආණ්ඩුව ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ. ඇතුළේ ඉන්න කොටසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන දේ අහන්නේ නැහැ. කොටසක් අහනවා. තවත් කොටසක් අහක බලාගෙන ඉන්නවා. තවත් කොටසක් යටින් මේවා කරනවා. අපි සමගි ජන බලවේගය මේ රට මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩගන්න, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න හැම සහයෝගයක්ම දෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img