Sunday, November 8, 2026
HomeNEWSජනපති නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

ජනපති නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

අත්‍යවශ්‍ය මහජන සේවාවන්ට අදාළ ජනාධිපතිවරයාගේ නියමය ලබන 06 වෙනිදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතළ අනුව කරන ලද නියමයට අදාළ ප්‍රකාශනය ලබන 06 වෙනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ඊයේ නිකුත්කළ මෙම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තුකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img