ඉන්ධන සැඟවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේදී වරදකරුවෙක් වූ පුද්ගලයෙක්ට දඬුවම් නියම කිරීමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා විය.
සුපර් ඩීසල් ලීටර් 5,813ක් සහ පෙට්රල් ලීටර් 1,540ක් පාරිභෝගිකයින්ට නොදී සැඟවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුද්ගලයා අධිකරණය ඉදිරියේ වරදකරු වී තිබේ.
එලෙස වරදකරු වී ඇත්තේ අනුරාධපුර ප්රදේශයේ පිහිටි ඉන්ධනහලක කළමනාකාරවරයෙකි.
ඒ අනුව අදාළ වරදකරුට වසර තුනක අත්හිටවූ මාස තුනක සිරදඬුවමක් නියම කිරීමට අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය කටයුතු කර තිබේ.
ඉදිරියේදී ද මෙවැනි කටයුතු සිදු වූවහොත් දැඩි දඩුවම් නියම කරන බවද අනුරාධපුර මහෙස්ත්රාත්වරිය වරදකරුව දැනුවත් කරමින් පෙන්වා දී තිබේ.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ට ලද තොරතුරක් අනුව පසුගියදා මෙම වැටලීම සිදුකර තිබුණි.






















