Sunday, November 8, 2026
HomeNEWSබණ්ඩාරනායක පිළිරුව අසලදී අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

බණ්ඩාරනායක පිළිරුව අසලදී අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්

අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව ආසන්නයේ රැඳීසිටියදී අද (26) අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී නියෝග කෙරුණේ ජුලි 29 වනදා තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කර තිබූ අතර එම නියෝගය කඩ කරමින් එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අද උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනුණි.

පසුව කොටුව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ හැකි ඉක්මනින් බණ්ඩාරනායක පිළිරුව අසල ඇති තාවකාලික කූඩාරම් ඉවත් කර එම ස්ථානයෙන් ඉවත් වන ලෙස  අරගලකරුවන්ට දැනුම්දී තිබුණි.

අනතුරුව පොලිස් නිලධාරීන් බණ්ඩාරනායක පිළිරුව අසල සිට මීටර 50ක ප්‍රදේශය සලකුණු කිරීම සිදුකළේය.

එහිදී අරගලකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.

කෙසේවෙතත් පොලිස් නිලධාරීන් පිටව යාමෙන් අනතුරුව අරගලකරුවන් පිරිසක් බණ්ඩාරනායක පිළිරුව අසල තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කරන අයුරු දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img