ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියාවේ ‘ද ප්රින්ට්’ වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙරට ආර්ථීක අර්බුදය පිළිබඳව අදහස් දක්වා තිබුණි.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති, ඛනිජ තෙල්, වරාය, යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ ආදී නව ක්ෂේත්රවල දිගුකාලීනව ආයෝජන කිරීමට ඉන්දියාව සැලසුම් කරන බවය.






















