සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ (28) දිනට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා සිටියේය.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 378ක් ලබාගත් අතර පාකිස්තානු කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 231ක් පමණි.
දෙවන ඉනිම සඳහා කඩුලු 8ක් දැවි ලකුණු 360ක් ලබා සිටියදී ශ්රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවමින් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව, පාකිස්ථාන කණ්ඩායම ජයග්රහණය සඳහා තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 419ක් ලබාගත යුතු වෙයි.






















