Sunday, November 8, 2026
HomeNEWSදරුණු කොවිඩ් ප්‍රභේදයක් ලංකාවේ

දරුණු කොවිඩ් ප්‍රභේදයක් ලංකාවේ

ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුනු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

බී.ඒ.5 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බව ඔහු පවසයි.

“ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ.”

මේ අතර, ඊයේ (29) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් ද ඊයේ දිනයේ තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img