Sunday, November 8, 2026
HomeNEWSචීනයෙන් තවත් වෛරසයක් එළියට

චීනයෙන් තවත් වෛරසයක් එළියට

කොරෝනා සහ monkeypox වෛරස ව්‍යාප්තිය අතරේ වේගයෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක් පිළිබඳව චීනයෙන් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නව වෛරසය Langya නමින් හඳුන්වන බවය.

මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 35ක් දක්වා ඉහළගොස් ඇති බව චීන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මේ දක්වා Langya වෛරසය සඳහා කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නිපදවා නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙම වෛරසයේ බලපෑමට මිනිසුන් මෙන්ම ක්ෂීරපායී සතුන්ටද එල්ලවන බව වෛරස රෝහ පිළිබඳව විශේෂඥයින් උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම  Langya වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව මේ හේතුවෙන් මිනිස් අක්මාව සහ වකුගඩු අඩපණ වීමේ හැකියාව වැඩි බවද එම වාර්තා සඳහන් කර ඇත.

එම වාර්තාවලට අනුව මෙම නව Langya වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ නැගෙනහිර චීනයෙනි.

මෙම නව වෛරසයේ රෝග ලක්ෂණ බොහෝමයක් දැකිය හැකි අතර ආසාදිතයින් බහුතරයකගෙන් තද උණ, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img