Sunday, November 8, 2026
HomeNEWSහරක් කටා ඩුබායි ගුවන්තොටුපොළේදී කොටුවෙයි ?

හරක් කටා ඩුබායි ගුවන්තොටුපොළේදී කොටුවෙයි ?

ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකදී මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් “හරක් කටා” නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දිනපතා පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම මෙහෙයුම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ජාත්‍යන්තර පොලීසිය එක්ව සිදුකර ඇති බවය.

ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන්.

මේ අතර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් තනාගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් රටවල් කිහිපයක සංචාරය කර ඇති බවය.

එසේම “හරක් කටා” අවසන් වරට මාලදිවයින වෙත පැමිණ නැවත ඩුබායි බලා ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා නදුන් චින්තක හෙවත් “හරක් කටා” නැමැත්තා ම දැයි යන්න තහවුරු කරගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර ඇත.

පසුගිය කාලසීමාවේ මෙරට සිදුවූ වෙඩිතැබීම් මාලාවක මහමොළකරු වූයේද “හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාය.

“හරක් කටා” ඩුබායිහි සිට මැලේසියාව, සිංගප්පූරුව, සීෂෙල්ස්, මාලදිවයින ඇතුළු රටවල් රැසක සිටින වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිට ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img