මත භේදයකට ලක්වූ චීනයේ යුවාන් වෑන්ග් -5 සමුද්‍රීය පරීක්ෂණ නෞකාව අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබේ.
එම නෞකාව අගෝස්තු 19 වනදා දක්වා එම වරායේ රැඳී සිටීමට නියමිතය.
පසුගිය 11 වනදා නෞකාව දිවයිනට පැමිණීමට නියමිතව තිබුණ ද නිසි අවසරයක් නොලැබීම හේතුවෙන් එය වරායට පැමිණීම ප්‍රමාද කෙරුණි.
අදාළ නෞකාවේ පර්යේෂණ තුළින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට මීට පෙර මත ඉදිරිපත්ව තිබුණි.






















