Sunday, November 8, 2026
HomeNEWSඖෂධ සම්බන්ධයෙන් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඖෂධ සම්බන්ධයෙන් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඖෂධ ගෙන්වීම සඳහා මාස 9ත් 11ත් අතර කාලයක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා මේ වන විට ගත වන කාලය මාස 3ත් 4ත් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවය. 

විනිවිඳභාවය වඩාත් සුරක්ෂිත කරමින් රෝගීන්ට හිඟයකින් තොරව අඛණ්ඩව ඖෂධ ලබාදීම මෙහි ප්‍රමුඛ අරමුණ බව යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේය.

රට තුළ පැවති ඖෂධ හිඟය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එහි වඩාත් සාර්ථක බවක් ඇතිවිය හැකි බවය.

එමෙන්ම හිඟව පවතින ඖෂධ කඩිනමින් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91ක තොග අවසන්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img