Sunday, November 8, 2026
HomeNEWSජල ගාස්තු සංශෝධනය කළ ගැසට් නිවේදනය පිටවෙයි

ජල ගාස්තු සංශෝධනය කළ ගැසට් නිවේදනය පිටවෙයි

සැප්තැම්බර්  මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අගෝස්තු මස 25 වන දිනට අදාළව ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කර තිබේ.

ඒ අනුව, ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 12.00ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත් ඉහළ නංවා ඇත.

එමෙන්ම ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 50.00ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 300.00 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් විය.

ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් රුපියල් 140ක්ව පැවැති පරිහරණ ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩ යටතේ රුපියල් 1,600ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 3,500ක් දක්වා ඉහළ නංවා ඇත.

මීට අමතරව ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට, පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු සහ අදාල බදු ඇතුළත් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

එම ගැසට් නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img