Sunday, November 8, 2026
HomeNEWSචීන පොහොර ගනුදෙනුවේ විගණකාධිපති වාර්තාව එළියට

චීන පොහොර ගනුදෙනුවේ විගණකාධිපති වාර්තාව එළියට

චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.

සිය වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසය.

පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදුකර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර ඇත.

රසායනික පොහොර ආනයනය 2021 වසරේදී තහනම් කිරීමෙන් අනතුරුව එවකට රජය 100%ක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නොහැකිවීමෙන්, සීමාසහිත චීනයේ කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම වෙතට කාබනික පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම කාබනික පොහොර සාම්පල පරීක්ෂාවේදී ඒවා ජීවානුහරණය කර නොමැති බවත් එහි “අර්වීනියා” හා “බැසිලස්” නමැති අහිතකර බැක්ටීරියා ඇති බවත් ජාතික ශාක නිරෝධායතනය
නිරීක්ෂණය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එවැනි වාර්තාවක් නිකුත් කර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි.

ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වාදෙන අතර අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බව එහි සඳහන් වෙයි. 

ඒ අනුව, මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img