Sunday, November 8, 2026
HomeNEWSනිතර ලෙඩවීමට හේතුව මෙන්න

නිතර ලෙඩවීමට හේතුව මෙන්න

මෙරට ජනතාව බෝ නොවන රෝග සඳහා බහුලව ගොදුරුවීමට හේතුව පරිභෝජනය කරනු ලබන ආහාර නිසි ප්‍රමිතියකින් තොරවීම බව රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා පවසයි.

මහාචාර්යයවරයා පවසන්නේ ආහාර සඳහා නිසි ප්‍රමිතිගත කිරීමක් සහ ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බලධාරීන් විසින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය.

රත්නපුර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහාචාර්ය නිලන්ත ලියනගේ මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාව ඇතුළේ ගොඩක් වෙලාවට මේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් අපි කතා කරද්දි ආහාර තමා මුලික වෙලා එන්නේ. ආහාර මුලික වෙලා ඇතිවෙන මේ රෝග සම්බන්ධයෙන් ප්‍රධානම කාරණාව තමා ආහාර නිසි ප්‍රමිතියෙන් තියෙනවා. තත්ත්ව පරීක්ෂණයට ලක්වෙනවා. එහෙම ලක්නොවී කොච්චර දේවල් පරිභෝජනය කරනවා ද? මේවා පරිභෝජනය කරන ජනතාව කොතෙක් දුරට රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබනවා ද? කොච්චර මරණ ප්‍රතිශතයක් සිද්ධවෙනවා ද? ඒවා සම්බන්ධයෙන් ජනතාව නොදැනුවත්ව ඉන්න එකම තමා ප්‍රශ්නේ. අපි පාරිභෝගිකයෝ විදියට, ජනතාව විදියට පරිභෝජනය කරන ආහාරවල මොනවා ද තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. පිටින් බැලුවහම ආහාරය හොඳයි වගේ පේනවා. නමුත් පරිභෝජනය කරාට පස්සේ, අපි නොදැනුවත්ම ආහාරවල තිබුණ යම් යම් විෂකාරක දේවල් ශරීරගත වෙලා රෝගාබාධවලට මිනිස්සු ලක්වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img