Sunday, November 8, 2026
HomeNEWS“රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ වගකීම ගැනද ජනතාව...

“රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ වගකීම ගැනද ජනතාව ඉන්නේ අවධානයෙන්” පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියයි.

සෑම කරුණකටම විරුද්ධවීම විරුද්ධ පක්ෂයේ කාර්යයභාරය නොවිය යුතු බවත් රටේ පවතින තත්ත්වයන් ගැන අවධානය යොමුකර එම කරුණු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර දැක්වීම වගකිව යුතු විපක්ෂයක කාර්යයභාරය විය යුතු බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කෙරුණු ජාතික සභාවට සහාය නොදී හැම කරුණකටම විරුද්ධවීම තුළින් විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ බලාපොරොත්තු වන්නේ කුමක්ද? කියා බරපතල ගැටළුවක් පැන නැගී ඇති බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.

ජාතික සභාව නියෝජනය කරමින් රටේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදිය හැකි තත්ත්වයක් විරුද්ධ පක්ෂයට නිර්මාණය වී තිබියදී එම අවස්ථාව මඟහරිමින් දිගින් දිගටම විරෝධතා හා විවේචන සිදු කිරීමෙන් පමණක් එම පිරිස් බලාපොරොත්තු වන දේශපාලන වාසියද ලබාගැනීමට නොහැකි වන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.

රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී ආණ්ඩුවේ වගකීම මෙන්ම විරුද්ධ පක්ෂයේ වගකීම ගැනද රටේ පොදු මහජනතාව ඉතා හොඳ අවධානයකින් පසුවන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අම්බලන්තොට, බරවකුඹුක නගරයේ දී බරවකුඹුක හෙළ බොජුන්හල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“පළාත් පාලන මැතිවරණය නිසි ‍වේලාවට පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට බලතල තියෙනවා. එහිදී මැතිවරණයක් පැවැත්වීමට හැකි සමාජ වාතාවරණයක් තිබෙනවාද යන්න සොයා බලා ඒ ගැන සෑහීමකට පත්විය හැකි නම් ස්වාධීන මැතිවරණ කොමිසම් සභාවට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිය.

රටේ ආර්ථීක තත්ත්වය, ඡන්ද පත්‍රිකා ඇතුළු ඊට අදාළ මුද්‍රණ කටයුතු, රාජකාරී සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී ස්වාධීන මැතිවරණ කොමිසමේ අවධානය යොමු වේවි” යනුවෙන් ද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම බරවකුඹුක හෙළ බොජුන්හල ජනතා අයිතියට පත්කෙරුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන “කතරගමට අතරමඟ” සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙනි. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් මඟින් ඉදිකරන ලද මෙම හෙළ බොජුන්හල සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 18කි.

මෙහිදී ප්‍රනීත ආහාර පාන සාධාරණ මිලට ලබාගත හැකි අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක හුවමාරුව තුළින් පිටවෙන ජනතාවට මෙම බරවකුඹුක හෙළ බොජුන්හලට පිවිසිය හැකිය.

බරවකුඹුක හෙළ බොජුන්හල අසල රථගාලක්, ළමා උද්‍යානයක්, පුස්තකාලයක්, වැසිකිළි පද්ධතියක් ද නිර්මාණය කර තිබේ. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img