Sunday, November 8, 2026
HomeNEWSනිදහස් පක්ෂ සංවිධායකවරුන් ට හදිසි කැඳවීමක්

නිදහස් පක්ෂ සංවිධායකවරුන් ට හදිසි කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් අද (10) දිනයේ කොළඹට කැඳවා තිබේ.

අද පස්වරු 2.00ට සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන බව නිදහස් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් මෙලෙස කොළඹට කැඳවා ඇති අතර පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අනතුරුව මොවුන් කොළඹට කැඳවන පළමු අවස්ථාව ද මෙය බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලුම ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුළු සියලුදෙනා කැඳවා තියෙනවා සවස 2ට. පක්ෂය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා වගේම ඉදිරි මාස තුන ඇතුළත පක්ෂය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම බණ්ඩාරනායක මහතාගේ හා එම මැතිනියගේ ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වන පිරිත අපි පවත්වනවා රාත්‍රියේ. ඒ වගේම සංඝගත දක්ෂිණාවක් පවත්වනවා පහුවදා උදෑසන. ඒ සියලු දේ වෙනුවෙන් තමා මේ වැඩපිළිවෙල සකස් කර තියෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img