ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.
“සියලුදෙනාගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවය බවට පත්කරමු” යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වේ.
ඒ වෙනුවෙන් වු විශේෂ වන වැඩසටහන් අද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එමෙන්ම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන පාපැදි සවාරියක් ඊයේ (09) දිනයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් සංවිධානය කර තිබුණි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය පැවසුවේ, ශාරීරික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ද පුද්ගලයෙකුගේ යහපත් ජීවන පැවැත්මට අතිශය වැදගත් සාධකයක් බවය.
යම්කිසි පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පීඩාවට පත්ව සිටී නම් 1926 දුරකථන අංකය අමතා ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.






















