Sunday, November 8, 2026
HomeNEWSජංගම දුරකථනයක් නිසා හිටපු SI සිපිරිගෙට

ජංගම දුරකථනයක් නිසා හිටපු SI සිපිරිගෙට

අල්ලස් චෝදනාවකට වරදකරු වූ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් හා රුපියල් 20,000ක දඩයක් නියම කර තිබේ.

ඒ, රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 5,000 ක් අල්ලස් වශයෙන් ලබා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ අහුංගල්ල පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකුට ය.

නියම කරන ලද සිරදඬුවම් වසර 10කින් ගෙවී යායුතු බවත් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5,000ක මුදල දඩයක් ලෙස අධිකරණයට ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම තීන්දුව ලබාදී තිබේ.

2015 වසරේ දී විත්තිකරු විසින් සූදුපොළක් වටලා ඇති අතර එහිදී භාරයට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5,000 ක මුදලක් ලබාගැනීමට එරෙහිව අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කේ. පී. කුමාර නමැති හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු ට මෙම දඬුවම් නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img