Sunday, November 8, 2026
HomeNEWSකණ්ඩායම ඇතුළේ ලොකු විශ්වාසයක් තියෙනවා - මෙන්ඩිස්

කණ්ඩායම ඇතුළේ ලොකු විශ්වාසයක් තියෙනවා – මෙන්ඩිස්

බලාපොරොත්තු වූවාට වඩා පන්දුවට පහරදීම අසීරු වූ බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පවසයි.

නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පැවසුවේ සුපිරි 12 අතර තරගයේ ශ්‍රී ලංකාව කුමණ කාණ්ඩයකින් තරගයට පිවිසියද කණ්ඩායම තුළ ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස්

“අපි විකට් එක බලද්දී එච්චර ස්ලෝ කියලා හිතුවේ නෑ උදේ පාන්දර. ඉතින් ඒක නිසා අපිට කළින් තරගවල වගේ ලකුණුවලට යන්න අමාරුයි මේ විකට් එකේ උදේ පාන්දර. ඉතින් ඒ වෙලාවේ මම ඇතුළට පණිවිඩයක් යැව්වා විකට් එක ටිකක් ස්ලෝ අපි පන්දුවාර 10ක් 12ක් යනකල් නෝමල් බැට් කරනවා කියලා. මම හිතනවා එහෙම කරපු හින්දා තමයි අපිට අන්තිම පන්දුවාරවල වැඩි ලකුණු ප්‍රමාණයක් ගහන්න පුළුවන් වුණේ කියලා. මටත් මුල් ටිකේ අමාරු වුණා, මට ලූස් බෝල දෙක තුනක් වැටුණා. ඉතින් ඒකෙන් තමයි මට හයේ ඒවා හතරේ ඒවා ටිකක් ලබාගන්න පුළුවන් වුණේ. පැතුම් ට හැම පන්දුවක් ම ටිකක් හොඳ බෝල ටිකක් වැටුණේ. ඉතින් එයාට අර විකට් එකත් එක්ක එකපාරට පොඩ්ඩක් පිතිකරුවෙකුට ගිහිල්ලා සෙට් වෙන්න අමාරුයි. ටිකක් වෙලා යනවා ඉතින්. අද එයාට වැටුණු පන්දු එක්ක බලද්දී ලකුණු අතරට එන්න අමාරු වුණා.” 

“හැම කණ්ඩායමක් ම හොඳ කණ්ඩායම් ඉන්නේ. ඉතින් අපි බලන්න ඕන මොන ගෘප් එකට වැටුණත් අපි ආසියානු කුසලානයත් දිනලා තියෙන්නේ. අපි බලන්න ඕන අපේ මානසික මට්ටම තියාගෙන ඔලුව හයි කරගෙන ඉන්නවා මොන තත්ත්වයක හිටියත්. අපි හිතනවා මොන ගෘප් එකට වැටුණත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. කණ්ඩායම ඇතුළේ ඒ විශ්වාසය තියෙනවා, මම හිතනවා අපිට හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.”
 

මෙම මාධ්‍ය හමුවට එක්වූ මහීෂ් තීක්ෂණද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ බොහෝ ක්‍රීඩකයින් ආබාධ තත්ත්වයන්ට පත්වීමට කාලගුණික තත්ත්වය මෙන්ම ක්‍රීඩාංගණයේ තත්ත්වයද හේතුවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහීෂ් තීක්ෂණ.

“පීඩනයක් තිබුණා මොකද අපි ආසියානු කුසලානය දිනලා ආපු නිසා අපිට අපේ තත්ත්වය පහළට දාන්න බෑ, මොකද තරගාවලියක් දිනලා ඇවිල්ලා පළමු වටයෙන් එළියට ගියොත් අපේ තියෙන මානසික මට්ටම ආයෙමත් පරණ තත්ත්වයටම වැටෙනවා ලොකු වුවමනාවක් තිබුණා අපිට තරග තුනම හොඳට ක්‍රීඩා කරලා යන්න, කණ්ඩායමක් විදියට අපි විශ්වාසය තියාගත්තා දෙවැනි තරගයෙන් පස්සේ අපිට පුළුවන් කියලා.”

සීතල කාලගුණය වගේම ක්‍රීඩාංගණය ගොඩාක් සොෆ්ට් ආබාධයන්ට ලක්වෙන්න පුළුවන්කම වැඩියි. අපි බැට් කරද්දී වුණත් දකිනවා බෝලේ හතරේ සීමාවට යන්නේ නෑ මග නතර වෙනවා සොෆ්ට් නිසා. අපි දුවද්දී කරද්දී අපිට පීඩනය වැඩියි. ඉතින් ඒකෙන් තමයි ගොඩක් ආබාධ තත්ත්වයන් ඇතිවෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img