Sunday, November 8, 2026
HomeNEWSආබාධයකට ලක්වූ පැතුම් ගැන අලුත්ම ආරංචිය

ආබාධයකට ලක්වූ පැතුම් ගැන අලුත්ම ආරංචිය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය පිළිබඳව මේ වනවිට විශේෂ ආරංචියක් ඔස්ට්‍රේලියාවෙන් ලැබී තිබේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය එතරම් බරපතළ නොවන බවය.

ඒ අනුව ඔහු සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයට එක්වීමට නියමිතව ඇත.

නෙදර්ලන්තයට එරෙහිව අද පැවති තරගය අතරතුර පැතුම් නිස්සංක පාදයේ ආබාධයකට ලක්වූ බවට තොරතුරු වාර්තා විය.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වූයේ අනතුරුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති බවය.

එම පරීක්ෂණවලට අනුව ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවට අනාවරණය වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ගේ තත්ත්වයද බරපතල නොවීම හේතුවෙන් ඔහුට ද සුපිරි 12 වටයේ පළමු තරගයට එක්වීමේ අවස්ථාව හිමිවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img