තුවාල ලද කාන්තාව පෙරේදා රාත්රී කෑම පිසීම සඳහා ගෑස් ළිප දල්වන අවස්ථාවේදී ඇඟට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.මීට දින කිහිපයකට ඉහත දී ගෑස් ලිපේ ගෑස් කාන්දුවක් තිබී ඇතැයි පොලීසිය පවසයි.ඒ බව නිවැසියන් ද දැනුවත් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.ළිප පුපුරායාමෙන් හෝ සිලින්ඩරය පුපුරායාමෙන් එම අනතුර සිදුවී නොමැති අතර, බටයෙන් ගෑස් කාන්දුවීම හේතුවෙන් අනතුර සිදුවී ඇත.තුවාල ලද කාන්තාව කොළඹ ජාතික රෝහලේ අංක 73 වාට්ටුවේ ප්රතිකාර ලබයි.අගලවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වයි.






















