Sunday, November 8, 2026
HomeNEWSඕමාන සිද්ධියට ගෑවුණු තානාපති නිලධාරියාගෙන් හෙළිදරව්වක්

ඕමාන සිද්ධියට ගෑවුණු තානාපති නිලධාරියාගෙන් හෙළිදරව්වක්

ඕමානයේ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් තමා සතු සියලු තොරතුරු විමර්ශන අංශ වෙත ලබාදෙන බව චෝදනා එල්ල වී ඇති හිටපු තෙවැනි ලේකම්වරයා අද දෙරණ සමග වීඩීයෝ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ඕමානයේ හිටපු තෙවැනි ලේකම්වරයා අද දෙරණ සමග වීඩීයෝ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසීය.

මේ අතර මිනිස් වෙළෙඳාම් චෝදනා එල්ලවී වැඩ තහනම්ව සිටින ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා පිළිබඳ මීට පෙර තීරණයක් නොගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිලධාරීන්ට කෝපා හෙවත් රජයේ ගිණුම් කාරක සභාවේදී දැඩි විවේචන එල්ලවුණි.

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

ලියවිල්ලක්වත් නැතුව තැරැව්කරුවන්ට විකුණනවා අවුරුදු 20 ට අඩු දරුවන් පවා දූෂණය වෙලා තියෙනවා මීට එරෙහිව මම දැඩිව නීතිය ක්‍රියාත්මක කළා ඒ නිසා විසිට් වීසා මාෆියාව මාත් සමග උරණ වුණා 2022 දී 44 දෙනෙක් විසිට් වීසා මත ආවා ඔවුන්ට විවිධ කරදර වෙලා බහුතරයක් දූෂණය වෙලා

නදුන් අබේරත්න – අද දෙරණ 

කොහොමවුනත් එක කාන්තාවකගෙන් පමණක් නෙවෙයිනේ ඔබට චෝදනා එල්ල වෙන්නේ.කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ඔබට විරුද්ධව චෝදනා කරනවා.විශේෂයින්ම ඔවුන් කියනවා ඔබ හිරිහැර කරනවා,ලිංගික අතවර කරලා තියෙනවා.එක කාන්තාවක් කියනවා ඔබ විසින් ඇයව දූෂණයට ලක් කළා කියලා.මේ වගේ දැවැන්ත චෝදනා.ඇයි මෙහෙම වෙන්නේ ? 

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

“දූෂණය වෙච්ච කියන ළමයෙක් ඉන්නවා ෆාතිමා සහරානා කියලා, එයා අවුරුදු 20දී  ඩුබායි වලට ඇවිල්ලා. ඊට පස්සේ ඩුබායි බෝඩර් එක ක්‍රොස් කරලා ඒජන්සිය හරහා හාම්පුතෙකුට විකුණනවා මෙයාව . පස්සේ මේ හාම්පුතාගෙන් මාසයක් කාලයක්‌ මෙයා දූෂණය වෙනවා මේ පොඩි ළමයා. ඊට පස්සේ මේ ළමයා එම්බසියට පැනලා එනවා. මෙයාලා හිතන්නේ අපි ළඟ පාස්පෝට් තියෙනවා. අපි ළඟ සියලු දේ තියෙනවා. එම්බසියට පුළුවන්කම තියෙද්දී මෙයාලා අපිව ලංකාවට යවන්නේ නෑ කියලා. ඒ දැඩි වෛරයේ කෙළවරේම ඉන්නේ මම.  මොකද මම ප්‍රධානියා හින්දා. මේ ළමයි විසිට් වීසා ඇවිල්ලා පාස්පෝට් එකයි වීසා එකයි නැතුව මෙයාලා ගණිකා නිවාසවලට විකිණුවා රියාල් 1200ට. ඒක මම අල්ලලා දුන්නා ඕමාන් පොලීසියට. එක්කෙනෙකුට රියාල් 1000ක ගානේ දඩ වැදුණා.මෙයාලට මේ ගහපු දඩයත් එක්ක මෙයාලා දැඩි ලෙස මාත් එක්ක වෛරයෙන් ඉන්නේ. සංවිධානාත්මකව ඩුබායි සුද්දත් එක්ක එකතුවෙලා මට විරුද්ධව දැවැන්ත ටික් ටෝක් ව්‍යාපාරයක් ගෙනිච්චා.”

නදුන් අබේරත්න – අද දෙරණ

දැන් ඔබේ වැඩ තහනම් කරලා තියෙන්නේ.ඔබට තවදුරටත් ඕමාන රාජ්‍යයේ රැඳී ඉන්න බැහැ.ඔබට එන්න කියලා තියෙන්නේ.ඔබ කවදද ලංකාවට එන්නේ ? 

ඊ.කුෂාන් – වැඩ තහනමට ලක්ව සිටින තෙවැනි ලේකම්

“මෙහෙම එන්න කිව්වට මට එකපාරටම එන්න බැහැ. මම වගකීමක් තියෙන නිලධාරියෙක් විදියට  අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මිනිස් වෙළෙඳාමේ ජාලය ගැන තොරතුරු කඩිනමින් දෙන්න බලාපොරොත්තුවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img