Sunday, November 8, 2026
HomeNEWSතවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට

තවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්  16දෙනාගේ වටයේ ස්ථාන තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය සහ අමෙරිකාව සමත්වුණි.

B කාණ්ඩය යට‌‌තේ වේල්සය සහ එංගලන්තය අතර පැවැති  තරගය ගෝල 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ  ඉරානය සහ අමෙරිකාව අතරය.

එම තරගයේ ගෝල 1 ට 0ක් ලෙස තරගය ජය ගැනීමට අමෙරිකාව සමත්වුණේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනිමිනි.

තරගයේ වාර්තාවූ එකම ගෝලය අමෙරිකාවේ ක්‍රිස්තින් පුලිසික්ස් වාර්තා කළේය.

මේ අතර A කාණ්ඩයේ අනෙක් තරගය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තය සහ සත්කාරක කටාර් දේශය අතරය.

එම තරගයේදී නෙදර්ලන්තය ගෝල 2ක් රැස්කළ අතර සත්කාරක කටාර් කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකිවූයේ නැත.

ඒ අනුව නෙදර්ලන්තය සුපිරි 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉක්වදෝරය සහ සෙනගාලය අතරය.

එම තරගයේ 44වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සෙනගාලය පළමු ගෝලය වාර්තාකළේය.

ඉන්පසු 67වැනි මිනිත්තුවේදී ඉක්වදෝරය පිළිතුරු ගෝලය රැස්කළ අතර තරගයේ ජය දෙපිළටම විවෘත වුණි.

එම තරගයේ 70 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සෙනගාල නායක කළිඳු කිලිබාලි ගෝලයක් රැස්කළේ ඉක්වදෝර ක්‍රීඩා ලෝලීන් නිහඬ කරමිනි.

තරගය නිමවන තුරු තවත් ගෝලයක් රැස් කිරීමට ඉක්වදෝරයට නොහැකි වීමත් සමඟ ගෝල 2 ට 1ක් ලෙස තරගයේ ජය සෙනගාලය සතුවුණි.

ඒ අනුව සෙනගාලය සුපිරි 16දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

සෙනගාලය අවසන්  16දෙනාගේවටයට සුදුසුකම් ලබාගතේ 2002 වසරෙන් පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img