Sunday, November 8, 2026
HomeNEWSශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සහයෝගීතාව අඛණ්ඩව ලබාදෙන බව ඉන්දියානු මහකොමසාරිස්, නියෝජ්‍ය...

ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සහයෝගීතාව අඛණ්ඩව ලබාදෙන බව ඉන්දියානු මහකොමසාරිස්, නියෝජ්‍ය කථානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට පවසයි.

  • ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සහයෝගීතාව අඛණ්ඩව ලබාදෙන බව ඉන්දියානු මහකොමසාරිස්, නියෝජ්‍ය කථානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට පවසයි.
  • ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහනටද ඉන්දියාවේ සහාය හිමිවන බව ඉන්දියානු මහකොමසාරිස් ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සහයෝගීතාවය අඛණ්ඩව ලබාදෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදෙන ණය වැඩසටහන සඳහා ද උපරිම සහාය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපල් බග්ලේ (Gopal Bagalay) මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කරයි.  

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී පසුගියදා මෙම හමුව සිදුවූ අතර වර්තමානයේ රටවල් දෙකම මුහුණදී තිබෙන අභියෝග සහ ඊට සහයෝගීව මුහුණදෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා වී තිබේ.

වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අඛණ්ඩවම ඉන්දියාව ආධාර ලබාදෙන බවත් මීට අමතරව උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද ඉන්දියානු ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් පෙන්වා දෙන ලදී.

තොරතුරු තාක්ෂණ (IT) යොදාගෙන ඉන්දියාවේ තරුණ ව්‍යවසායකයින් ලෝකය සමඟ වෙළඳාම් කරමින් ලෝක ප්‍රකට සමාගම්කරුවන් අතරට යන බවත් එම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දායාව උපරිම සහාය ලබාදීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සඳහන් දෙන ලදී.

කලාපීය අසල්වැසියා විදිහට ඉන්දියාව එදා සිටම ශ්‍රී ලංකාවට සුවිශේෂී සහයෝගයක් ලබාදෙන බවත් ඉදිරියට ද එම සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තමා ඉන්දියානු ජනතාවට ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කෘතවේදීත්වය පළකරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොවිඩ් ලෝක වසංගතය හා ඒ සමඟ පැමිණි ලෝක ආර්ථීක අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව ලබාදෙන සුවිශේෂී සහයෝගය ඉතා අගයකොට සලකන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ පිරිස මෙහිදී ප්‍රකාශ කළහ.

තොරතුරු තාක්ෂණ (IT) යොදාගනිමින් මෙරට තරුණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන ගොස් මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීමේ වැඩසටහනට ඉන්දියාවේ සහාය සහ විශේෂඥ උපදෙස් අනිවාර්යෙන් අවශ්‍ය බවත් එම සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මෙහිදී කියා සිටියේය.

මීට අමතරව යාපනය සහ ඉන්දියාව අතර මුහුදු මාර්ගයෙන් මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට තිබෙන හැකියාව සහ එය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය යන කාරණා ද මෙහිදී සාකච්ජා වී තිබේ. ප්‍රේමනාත් සී දොලවත්ත, මධුර විතානගේ, ප්‍රදීප් උඳුගොඩ, සුදර්ශන දෙනිපිටිය, සම්පත් අතුකෝරාළ, චින්තක මායාදුන්නේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img