Saturday, November 7, 2026
HomeNEWSකාසියේ වාසිය ගෝල් කණ්ඩායමට

කාසියේ වාසිය ගෝල් කණ්ඩායමට

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද (06) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුයැවීමේ අවස්ථාව ලබාගැනීමටය.

තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ “අද දෙරණ” 24 නාළිකාවට ය.

2014 වසරේදී ඩයලොග් ටීවී හා පියෝ ටීවී නාළිකා අංක 14 ඔස්සේ පමණක් විකාශන කටයුතු ආරම්භ කෙරුණු “අද දෙරණ 24” නාළිකාව මේ වනවිට නිදහස් ගුවන් අවකාශයටත් එක්කර තිබේ.

ඒ අනුව කොළඹින් යූඑච්එෆ් 26න්, දෙනියායෙන් යූඑච්එෆ් 35න්, මහනුවරින් යූඑච්එෆ් 28න් සහ මාතලෙන් යූඑච්එෆ් 35න් ඔබගේ රූපවාහිනිය සුසර කිරීමෙන් “අද දෙරණ 24” නාළිකාව නැරඹීමේ හැකියාව පවතී.

මීට සමගාමීව අද සිට LPL තරගාවලියේ සියලු තරග “අද දෙරණ යූටියුබ් චැනලය” ඔස්සේත් නැරඹිය හැකිය.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර මෙලෙස පැවැත්වෙයි.

දෙවන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img